සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ කොවිඩ් වයිරසයට දින 28ක පමණ ආයු කාලයක් පවත්නා බවට නවතම පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ.
මුදල් නෝට්ටු, ජංගම දුරකතන මුහුණත්හි හා සුදු යකඩ මත වයිරසයට නොනැසී දින 28ක් පමණ රැඳී සිටිය හැකි බවට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් කළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන ඇත.
මීට පෙර නිගමනය කළ ආයු කාලයන්ට වඩා බොහෝ වැඩි ආයුකාලයක් මේ අනුව වයිරසයට නොනැසී පැවතිය හැකි බව ඔස්ට්‍රේලියා ජාතික විද්‍යා ආයතනය ප්‍රකාශ කර තිබෙන අතර, කෙසේ වූවද මෙම තත්ත්වය හිරු රශ්මියත් සමඟ වෙනස් වන බව එම පරීක්ෂණ කණ්ඩායම පවසා තිබේ.
පර්යේෂණයේ ප්‍රතිඵල සාමාන්‍ය ජීවිතයට අනුගත කිරීමේ දී ප්රතිඵලවල තත්ත්වය තව දුරටත් අඩු හෝ වැඩි විය හැකි බවද ඔවුන් සඳහන් කර තිබෙන අතර, මීට පෙර අනාවරණය වී තිබුණේ මුදල් නෝට්ටු සහ වීදුරු මත කොවිඩ් වයිරසයට පැවතිය හැක්කේ දින 3ක කාලයක් පමණක් බවයි. ප්ලාස්ටික් සහ මල නොබැඳෙන ලෝහ මත වයිරසයට දින 6ක් පැවතිය හැකි බවට ද මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
(Dinamina)