Friday, November 14, 2025
Follow Us
තවත් 51කට කොවිඩ්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 51දෙනෙකු හදුනා‌ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ එම ආසාදිතයින් ද දිවුලපිටිය කොවිඩ් පොකුරට අයත් ආසාදිතයින් බවයි.

ඉන් ආසාදිතයින් 15දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩල සේවකයන් වන බවත්, ඔවුන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටින පුද්ගලයන් වේ.

අනෙකුත් ආසාදිතයින් 36දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වේ.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් ගණන 1397ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

(Aruna)