Friday, November 14, 2025
Follow Us
මොරටුවටත් කොරෝනා රෝගියෙක්

මොරටුව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යාතනයක රුධිර පරීක්ෂාවක් සදහා පැමිණි පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එම රෝහල වසාදමා තිබේ.

මෙම ආසාදිතයා පසුගිය ඔක්තෝබර් මස 05 වැනිදා අදාළ රෝහලට පැමිණ ඇති අතර, ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් සිදුකළ දැනුම්දීමකින් රෝහල වසා දැමීමට පියවර ගත් බව මොරටුවේ පිහිටි එම වෛද්‍ය ආයතනය සදහන් කරයි.

එමෙන්ම අදාළ වෛද්‍යායතනයේ සියලුම සේවකයින් රජයේ සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීමට නියමිතයි.

(Aruna)