Friday, November 14, 2025
Follow Us
ජපුර විශ්වවිද්‍යාලයේ තවත් සිසුවියෙකුට කොරෝන ආසාධනය වී ඇති බව හෙළිවෙයි

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තවත් සිසුවියකට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඉකුත් සෙනසුරාදා කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණු එම විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ තුන්වන වසරේ සිසුවිය සමග නවාතැන් ගෙන සිටි සිසුවියකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ.

මෙම සිසුවියන් දෙදෙනා නවාතැන් ගෙන සිටි අදාළ නිවස හිමි කාන්තාව සහ තවත් පුද්ගලයෙකු පී සී ආර් පරීක්ෂණ ස`දහා යොමු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

මේ අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර ප‍්‍රදේශයේ පෞද්ගලික නවාතැනක සිටි තවත් සිසුවියක් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගැනුණා.

මේ අතර, විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින තුනේදී කිසිදු අයුරකින් විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමක් සිදු නොකරන බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

(Neth)