අදින් ආරම්භ වන අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ ප්රවාහන සේවාවක් කි‍්‍රයාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කාලවේලාවන් අනුව විශේෂ දුම්රිය කි‍්‍රයාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විභාග මධ්‍යස්ථාන වෙත දුම්රියෙන් ගමන් කරන සිසුන් සහ මව්පියන් සඳහා විශේෂ දුම්රිය මැදිරි සහිත දුම්රිය 02 ක් එම දුම්රිය ගමන්වාර සඳහා එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විභාග ප‍්‍රවේශපත‍්‍රය බලධාරීන්ට පෙන්වීමෙන් පසු සිසුන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට එම විශේෂ දුම්රියන්හි ගමන් කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. උසස්පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් කි‍්‍රයාත්මක බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ.
(Neth)