Friday, November 14, 2025
Follow Us
ලාංකිකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙනි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන සහ කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන රෝහල්වල පවතින ඉඩ කඩ සිමා සහිත වී ඇති බැවින් එම පියවර ගත් බවයි.

ඒ අනුව මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා රැසක කාල සටහන් සුදුසු පරිදි සංශෝධනය කිරීමට පියවර ගන්නා බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවැසුවේ, රට තුළ පවතින වාතාවරණය සමතයකට පත් වූ සැනින් විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

(Lanka Leads)