කොළඹ ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඒ හේතුවෙන් රෝහලේ වාට්ටු තුනක් සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසාදමා තිබේ.
මේ අතර එම වාට්ටු සහ ශල්‍යාගාරයේ සේවයේ යෙදුනු සියලුම සෞඛ්‍ය අංශ සේවකයින්ව PCR පරීක්ෂණයකට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
(Lanka Leads)