Friday, November 14, 2025
Follow Us
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට දිනයේ (11) පැවැත්වීමට නියමිතව තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ශිෂ්‍යත්ව විභගය සඳහා සිසුන් 331,694 දෙනෙකු අයදුම්කර ඇති බවයි.

සිංහල මාධ්‍යයෙන් සිසුන් 248,072 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අතර දෙමළ මාධ්‍යයෙන් සිසුන් 83,622 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටියි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින සිසුන්ට විභාගයට පෙනි සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා තිබේ.

(Aruna)