Friday, November 14, 2025
Follow Us
සැගවී සිිිටින මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම්

මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත භාර නොවී සැගව සිටින මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩෙක්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයන්ට එරෙහිව අද සිට නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඔවුන්ට එරෙහිව නිරෝධායන ආඥා පනත යටතේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

පොලිස් වසම් 18 ක ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක පොලිස් වසම් 18 හි ජනතාවට අද දිනයේ ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

ඒ සදහා නිවසකින් එක් අයෙකු පමණක් බැහැර වන ලෙසයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉල්ලා සිටියේ.

(Neth)