Friday, November 14, 2025
Follow Us
හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙක් ට කොවිඩ්

හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනීම හේතුවෙන් හොරණ මූලික රෝහලේ 5 වන සහ 9 වන වාට්ටු තාවකාලිකව වසා තැබිමට පියවර ගෙන තිබේ.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ එක් හෙදියකගේ ස්වාමි පුරුෂයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන බවත් ඔහු ට සහ තවත් පවුලේ සාමාජිකයෙකුට කොවිඩි නයින්ටීන් ආසාදනය වී ඇති බවත්ය.

කොවිඩ් ආසාදනයවූ අනෙක් හෙදිය ඇතුළු ආසාදිතයින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට සහ අයි.ඩි.එච් රෝහලට ඇතුලත් කර ඇති බව සදහන් වේ.

මේ අතර, ගම්පහ රෝහලේ සුළු සේවකයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ.

එම පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

(Lanka Leads)