Friday, November 14, 2025
Follow Us
හලාවත කොවිඩ් ආසදිතයෙක් හමුවේ : පිරිසක් නිරෝධායනයට - විනෝද චාරිකාවට සම්බන්ධ පිරිසක් ගැනත් අවධානය

කොරෝනා වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති ආසාධිතයෙකු හලාවත, අඹකදවිල ගම්මානයෙන් අද (08) වැනිදා දහවල් හමු වී තිබෙනවා. හලාවත මහා රෝහලට වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පසුගිය 06 වෙනිදා ඔහු රෝහලට පැමිණ ඇත. එම අවස්ථාවේ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රථිපල අද ලැබි ඇති අතර එහිදී ඔහු කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වී තිබෙන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව නිවසේ රැදී සිටි එම පුද්ගලයා වහාම ගිලන් රථයකින් හලාවත මහා රෝහලට ගෙනවිත් ප්‍රතිකාර සදහා ඉරණවිල පිහිටි කොවිඩ් ප්‍රතිකාර ඒකකයට යොමු කර ඇත.

මෙම ආසාධිතයාගේ සමීපතයින් සොයා සෞඛ්‍ය නිලධාරීන් අද දහවල් සිට අඹකදවිල සහ අවට මෙහෙයුමක් ආරම්භ කර ඇත.එම ආසාධිතයා ප්‍රදේශයේ දේවස්ථානයක සමීපතයෙකු ලෙසට හදුනා ගෙන ඇත. ඒ අනුව එම දේවාස්ථානයේ පියතුමන්ලා දෙදෙනෙකු ඇතුළු පවුල් 05 ක පිරිස් මේ වන විට ස්වයං නීරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

ආසාධිතයා ඇතුළු පිරිසක් පසුගිය සතියේ විනෝද චාරිකාවක් ගොස් ඇති බවත් එම චාරිකාවට එක්ව ඇති පිරිස සම්බන්ධයෙන්ද සෞඛ්‍ය නිලධාරීන්ගේ අවදානය යොමු වී ඇත.

(Neth)