Friday, November 14, 2025
Follow Us
නිරෝධායනයට රැගෙන යන අතරතුර මියගිය කාන්තාවගේ මරණයට හේතුව හෘදයාබාධයක් - හමුදාපති

ඊයේ (07) දිනයේදී යක්කල සිට වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යද්දී මියගිය 68 හැවිරිදි කාන්තාවගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

"ඇත්තටම වුණේ මෙම කාන්තාව කොවිඩ් ආසාදනය වූ සේවකයකුගේ පවුලේ කෙනෙක්. ඔබ දන්නවා කොවිඩ් ආසාදනය වුණොත් අපි අනිවාර්යයෙන්ම පවුල්වල සාමාජිකයින් නිරෝධායනයට රැගෙන යනවා. එසේ රැගෙන යද්දි යම්කිසි රෝගී තත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඉතිං වහාම යුධ හමුදා වෛද්‍ය කණ්ඩායම් ඒ සබැඳිව ක්‍රියා කරලා තිබෙනවා. නමුත් මැය මියගියේ අන් කිසිවක් නිසා නොව හෘදයාබාධයකින් බවට තහවුරු වෙලා තිබෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා සම්බන්ධ වෙමිනි.

(LNW)