Friday, November 14, 2025
Follow Us
කිසිදු රටකින් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවට ආවේ නෑ – බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් නිවේදනයක්

කොවිඩ් පොකුරක් නැවත මෙරට තුළ මතු වූ බ්‍රැන්ඩික්ස් ආයතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක තොරතුරු සංසරණය වීම සම්බන්ධයෙන් එම ආයතනය විසින් පිළිතුරු ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් සදහන් කර ඇත.

එනම්, ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිදු පාර්ශවයක් මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට පිවිස නොමැති බවත්, විශේෂ ගුවන් යානා මගින් මෙරටට ගෙන්වා ගත් සියලු ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා රජය විසින් නිර්දේශ කර ඇති පරිදි දින 28ක නිරෝධායනයට ලක්කළ බවයි.

(Aruna)