Friday, November 14, 2025
Follow Us
වැලිකන්දෙ නිරෝධායනයට ගෙන යද්දි කතක් මරුට

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කො​රෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පිරිසක් වැලිකන්ද ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (07 වැනිදා) රැගෙන යද්දී එම පිරිසේ සිටි එක් කාන්තාවක් මියගොස් ඇත.

ගම්පහ, මිනුවන්ගොඩ, මහර ඇතුළු අවට ප්‍රදේශවල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන්ගේ ඥාතීන් ඇතුළු සමීපතම ඇසුරු කරන්නන් 80කට ආසන්න පිරිසක් හමුදා ආරක්ෂාව යටතේ ඊයේ (07 වැනිදා) සවස 4.00ට පමණ ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට බස් රථ දෙකකින් රැගෙන ගොස් ඇත. එම කාන්තාව මියගොස් ඇත්තේ එම බස් රථය තුළදීමය. ගම්පහ උඩුපිටිය, වරාපලාන අංක 81 ලිපිනයේ පදිංචිව සිටි සිව්දරු මවක වන 68 වියැති ඒ.එම්. අරුණ කාන්ති යන අය මෙලෙස මියගොස් ඇත. ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ තබා තිබේ.සිද්ධිය පිළිබඳ වැලිකන්ද පොලිසිය සහ යුද හමුදාව පරීක්ෂණ පවත්වයි.

(Aruna)