Friday, November 14, 2025
Follow Us
ජාතික රෝහලේ කටයුතු අඩාල වෙයි

කොළඹ ජාතික රෝහල වෙත පැමිණෙන පුද්ගලයින්ව සීමා කිරීම හෙට (8) සිට ආරම්භ කරන බව රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙක් සදහන් කළේය.

මේ අනුව ප්‍රතිකාර ලබා ගැනීමට තනිව පැමිණිය හැකි රෝගීන් සිටින්නේ නම් තනිව පැමිණෙන ලෙසත් එසේ පැමිණීමට නොහැකි රෝගීන් එක් පුද්ගලයෙකු සමග පමණක් පැමිණීමට කටයුතු කරන්නැයිද ඉල්ලා සිටින බව එම ප්‍රකාශකයා පැවසීය.

නේවාසික රෝගීන් බැලීමටද පැමිණෙන පුද්ගලයින්ද එක් අයෙකුට පමණක් සීමා කිරීමටද කටයුතු කරනු ඇත.

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් ගම්පහ, දිවුලපිටිය, මිනුවන්ගොඩ, ගනේමුල්ල ඇතුළු ප්‍රදේශවල සිටින බැවින් ඔවුන්ව සේවයට නොකැදවීම හේතුවෙන් රෝහල් කටයුතු නිසියාකාරව කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද හෙතෙම අවදාරණය කළේය.

(Aruna)