Friday, November 14, 2025
Follow Us
කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ට PCR පරීක්ෂණ : නව ආසාදිත පොකුරේ වෛරසය සාන්ද්‍රණය වැඩි මට්ටමකට

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාව සමග සෘජු සම්බන්ධකම් පැවත්වූ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් PCR පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදා ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව හරහා මතුවී ඇති නව කොරෝනා රෝගී පොකුරේ ආසාදිතයින් අතර තිබෙන වෛරසය මිට පෙර වාර්තා වූ රෝගීන්ගේ වෛරස් සාන්ද්‍රණ මට්ටම ඉහළ අගයක් ගෙන ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටියා.

එයට ප්‍රධාන හේතු දෙකක් ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ වසංගතය මුල් අවදියේ දී පසුවීම හෝ වෛරසයේ හැසිරීම නිසා වන්නට ඇති බවට අනුමාන කරන බවයි කියා සිටියේ.

අනුරාධපුරය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව, රත්නපුර, මොණරාගල, දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ද මෙම මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර ප්‍රකාශ කළේ.

(Neth)