මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි.
එමෙන්ම මේ වන විට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදා විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙනයාමට කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුව සදහන් කරයි.
ඒ සදහා සියලුදෙනාම සූදානම් විය යුතු බව රජය විසින් දැනුම් දී තිබේ.
මීට අදාළ උපදෙස් ඉදිරියේදී අදාළ පවුල්වලට ලබාදෙනු ඇත.
(Aruna)