යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් පුද්ගලයන් 20 කට ආසන්න පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ බළධාරීන් පවසනවා.
මෙම පවුල් දෙකට අයත් කාන්තාවන් දෙදෙනෙකු, කොවිඩ් ආසාදිතයන් හමු වූ දිවුලපිටිය ඇඟළුම් කම්හලේ සේවය කරන අතර ඔවුන් දෙදෙනා පසුගියදා නිවෙස් වෙත පැමිණ තිබෙනවා. මේ නිසා එම පවුල් දෙකේ සියලු දෙනාම පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර තිබේ.
මීට අමතරව එම පවුල් දෙකේ සාමාජිකයන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් 100 කට ආසන්න ප්‍රමාණයකට ස්වයං නිරෝධායනය සඳහා උපදෙස් ලබා දී තිබේ. ඔවුන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවයි යාපනය රෝහල් බළධාරීන් පවසන්නේ.
(LNW)