සබරගමු විශ්ව විද්‍යලයේ සිසුන් විසිදෙනෙකු පි.සි.ආර්.පරික්ෂණ සදහා යොමු කිරිමට සෞඛ්‍ය බලධාරීන් අද (05) තීරණය කර ඇත.
මෙම සිසුන් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ පවසයි.
එම සිසුන් නිරෝධායනයට ලක් කර නැති අතර කොව්ඩ් පරික්ෂණ සදහා වෙනම රදවා තබා ඇති බව බෙළිහුල්ඔය මහජන සෞඛ්‍ය පරික්ෂක ලාලිත කුමාරසිංහ මහතා පවසයි.
කොරෝනා ආසාදිත බවට හදුනාගත් කාන්තාව සේවය කළ ඇගලුම් කම්හලේ තරුණියක් නිවාඩුට බලන්ගොඩ පබහින්න මුත්තෙට්ටුවෙගම ට පැමිණ නැවත එම කර්මාන්ත ශාලාවට ගොස් ඇති බවත් එම සිද්ධිය ගැනද සොයා බලන බව සෞඛ්‍ය අංශ පවසයි .
(Lanka Leads)