Thursday, November 13, 2025
Follow Us
ආසාදිත ඇඟලුම් සේවිකාවගේ දියණියට කොවිඩ් අසදිතයි

දිවුලපිටිය පදිංචි කොරෝනා ආසාදිත ඇඟලුම් සේවිකාවගේ 16 හැවිරිදි දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන තිබෙනවා.

ඒ සිදුකරන ලද P.C.R පර්ක්ෂණයෙන් අනතුරුවයි.

හඹරාදූව නිරෝධායනය මධ්‍යස්ථානයේ රදවා සිටින ඇයව’ කොළඹ I.D.H රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින කරවරකු හෝ උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කර ‘ගොස් P.C.R පරීක්ෂණයකට යොමු වන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

(Aruna)