Sunday, June 28, 2026
Follow Us
දිවුලපිටියේ සහ මිනුවන්ගොඩ 430ක් ස්වයං නිරෝධානය කරයි

කොවිඩ් ආසාදිත කාන්තාව හඳුනා ගත් පසු දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පුද්ගලයින් 430කට වැඩි පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 250කට වැඩි පිරිසකුත්, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 180කට වැඩි පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. මේ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරනවා.

හෙට(05) දිනයේදී අදාළ කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 1600කට P.C.R පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

(Aruna)