Thursday, November 13, 2025
Follow Us
දිවුලපිටිය, මිනුවන්ගොඩ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට හමුදාපතිගෙන් නිවේදනයක්

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන ප්‍රදේශවල නිවාඩුවට පැමිණ සිටින යුධ හමුදාවේ සාමාජිකයින්ට නැවත දැනුම් දෙන තෙක් සේවයට වාර්තා නොකරන ලෙස යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ලංකා නිවුස් වෙබ් වෙත අදහස් දක්වමිනුයි යුධ හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ.

නාවික,ගුවන් හා සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන්ටද මෙය බලපැවැත්වෙයි

දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවක් කොරෝනා ආසදිතයෙක් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවූ අතර ඇය සමඟ සමීප සබන්ධකම් පැවැත්වූ කණ්ඩායමක් නිරෝධයනයට යොමුකර තිබේ.

දෙවනවර පාසල් නිවාඩුව හෙට (05) සිට ක්‍රියාත්මක වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබීය.

මේ අතර කැලණිය විශ්ව විද්‍යාලය, වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනය, නයිවල උසස් තාක්ෂණ විශ්ව විද්‍යාලය යන අධ්‍යයන ආයතනයද නැවත දැනුම් දෙන තුරු හෙට සිට (05) වසාදමා ඇත.

(LNW)