Monday, March 30, 2026
Follow Us
යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ ඥාතීන්ට වැදගත් නිවේදනයක්

යුද්ධයේදී මියගිය රණවිරුවන්ට හිමි වැටුප වයස අවුරුදු 55න් පසුවද ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට ලබාදීමට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ඉදිරිපත් කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

තිස් අවුරුදු කුරිරු යුද්ධයෙන් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් විශේෂ ජංගම වැඩසටහනක් (03) අනුරාධපුර, සාලියපුර හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කමල් ගුණරත්න මහතා සඳහන් කළේ ආබාධිත කිසිදු රණවිරුවෙකුට කොළඹට පැමිණ උද්ඝෝෂනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

(Lanka Leads)