Thursday, November 13, 2025
Follow Us
ආණ්ඩුවේ ඇතුලෙම ඉඩම් කොල්ලකන කල්ලියක්

ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පුද්ගලයන් විසින් මෙරට රජයේ ඉඩම් සහ පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දිනපතා ඉඩම් බලෙන් අත්පත්කර ගැනීම් සහ වංචා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අධික නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට ඊට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්ත මහතාට දන්වා ඇත. ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දී ඇතැයි විස්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඇතැම් රජයේ ඉඩම් සහ පෞද්ගලික ඉඩම් ඉතාමත් සංවිධානාත්මක ලෙස වංචා කර ඒවාට හොර ඔප්පු සාදා විකුණා ඇති පැමිණිලි විශාල වශයෙන් ලැබෙන බව දැනගන්නට ඇත.

(Lanka Leads)