Tuesday, December 30, 2025
Follow Us
ආහාර සුරක්ෂිත නගරයක් !

බත්තරමුල්ල නගරය ආහාර සුරක්ෂිත නගරයක් බවට පත්කිරීම සඳහා විශේෂ වැඩපිළිවලක් ආරම්භ කර තිබේ.

බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කඩුවෙල නගරසභාව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම වැඩසටහන යටතේ වෙළෙඳසැල් පරීක්ෂාවට ලක්කිරීම මෙම වසර පුරාම සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මේ වනවිට වෙළඳසැල් 150කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කර ඇති අතර වෙළෙඳසැල් 70කට නඩු පවරා ඇති බව බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙල අවසානයේ දී නගරයේ ඇති සියලු වෙළෙඳසැල් ශ්‍රේණිගත කිරීම් සිදුකිරීමට සැළසුම් කර තිබේ.

(Lanka Leads)