Thursday, November 13, 2025
Follow Us
කෙටි ආහාර මිල ඉහළ යන ලකුණු

පොල්, කහ සහ ලොකු ලූනු මිල ගණන් ඉහළ යෑම නිසා කෙටි ආහාරවල (ෂෝට් ඊට්ස්)වල මිල ගණන් ඉහළ දැමීමට සිදු වී ඇතැයි බේකරි හිමියෝ පැවසූහ.

රජය විසින් පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබූවද, තමන්ට වෙළෙඳපොළෙන් පොල් ගෙඩියක් මිලදී ගැනීමට සිදු වී ඇත්තේ රුපියල් අසූවත්, අනූවත් අතර මිලකට බවද ඔවුහු පැවසූහ.

මීට අමතරව කහ කිලෝග්‍රෑමයක් රුපියල් තුන්දහස බැගින්ද, ලොකු ලූනු කිලෝවක් රුපියල් 190 බැගින්ද මිලදී ගැනීමට සිදු ව ඇතැයි බේකරි හිමියෝ සඳහන් කළහ.

මෙම තත්ත්වය මත කෙටි ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවත්, දැනටමත් ඇතැම් බේකරි හිමියන් කෙටි ආහාරවල මිල ගණන් ඉහළ දමා ඇති බවත් ඔවුහු පැවසූහ

(Aruna)