Friday, April 26, 2024
Follow Us
ගුරු හිඟය වසර 02ක් තුළ අවසන් කිරීමට සැළසුම්

රටපුරා පාසැල් රැසක ගුරුවරුන් 20,000 කට ආසන්න හිඟයක් පවතින බවට ගුරු සංගම් චෝදනා කරනවා.

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ නියමිත පරිදි ගුරුවරුන් බඳවා ගැනීම හා පුහුණුව ලැබූ පිරිසට පත්වීම් ලිපි ලබාදීම ප‍්‍රමාදවීම ඊට හේතුව බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඉදිරි වසර 02 ක කාලය තුළ ගුරු හිඟය සම්පූර්ණ කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් පැවසුවේ ගුරු හිඟය මෙන්ම ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම ද දැඩි ගැටළුවක් වී ඇති බවයි.

ඊට ප‍්‍රතිචාර දක්වමින් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් කියා සිටියේ උපාධිධාරීන්ට ද ගුරුපත්වීම් ලබාදීමෙන් පසු මෙම ගැටළුව විසඳෙන බවයි.

(Neth)