කොළඹ ප‍්‍රදේශ කිහිපයක කි‍්‍රයාත්මක මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව අද සිට නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා.
රථ වාහන පාලන හා මාර්ග ආරක්‍ෂාව පිළිබද අධ්‍යක්‍ෂ, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පැවසුවේ ඉකුත් සති දෙක තුළ මංතීරු නීතිය සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීම සිදුකළ බවයි. ඉකුත් සතියේදී මංතීරු නීතිය කඩ කළ පුද්ගලයන් පෙරේරා දිනයේ කැදවා දැනුවත් කිරීමේ පන්ති පැවැත් වූ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මාර්ගවල ඇති විදුලි ආලෝක සංඥා සම්බන්ධයෙන්ද සමීක්‍ෂණයක් ආරම්භ කළ බවයි ඔහු කියාසිටියේ.
ඉකුත් 14 වනදා සිට සතියක කාලයක් පෙරහුරුවක් ලෙස මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීම ආරම්භ වුණා. එහිදී ලබාගත් තොරතුරු සහ දත්ත මත පදනම්ව ඉකුත් 21 දින සිට මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීමටයි පොලීසිය තීරණය කළේ්. ඒ අනුව කොළඹ ප‍්‍රධාන මාර්ග 4 ක් කේන්‍ද්‍ර කර ගනිමින් මංතීරු නීතිය කි‍්‍රයාත්මකයි. ඒ, පෙරවරු හයේ සිට 9 දක්වාත් , පස්වරු හතරේ සිට රාතී‍්‍ර 8 දක්වායි.
(Neth)