ජනතාව පොල් මිලදී ගැනීමට යාමේදී ටේප් පටි රැගෙන යායුතු නොමැති බවත් පොල්වල වට ප්‍රමාණය මැනීම ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් කරනු ඇති බවත් එම අධිකාරියෙහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පවසයි.
"මේක ඇත්තටම ජනතාවට අලුත් ක්‍රමයක්. පළවෙනි වතාවට තමයි මං හිතන්නෙ ශ්‍රී ලංකාවේ මේ මිමි ක්‍රමය දැම්මෙ. අනිත් භාණ්ඩ වලත් තියෙනවා මිමි ක්‍රමය. රාත්තල් කිලෝ ගණන්. ජනතාවගේ යහපත උදෙසා තමයි මේක කළේ.
ප්‍රායෝගිකව දැන් ඒවගේ ප්‍රශ්න ආවොත් අනිවාර්යයෙන්ම ජනතාවට මිමි ටේප් පටි අරන් යන්න අවශ්‍යතාවයක් නෑ කඩේට. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙ නිලධාරීන් ඉන්නවා. කඩේ චෙක් කරලා පොල්වල වට ප්‍රමාණය චෙක් කරලා අපෙ නිලධාරීන් අපට අවශ්‍ය විදියට තිබ්බෙ නැත්නම් අපි අවශ්‍ය නීති කටයුතු කරනවා. ඒකයි ඇත්තටම වෙන්නෙ. මෙතන ඇත්තටම ලොකූ ප්‍රශ්නයක් නෑ.
පොල් අඩුවෙච්ච ගාණ ගැන කවුරුත් කතා කළේ නෑ, ප්‍රධාන අරමුණ තමයි රුපියල් 100ට 110ට යන පොල් 65ට 70ට ලබාදීම. මනින එකේ නෙවෙයි ප්‍රශ්නෙ තියන්නෙ, මනින එකේ ප්‍රශ්නයක් ආවොත් අපට කියන්න. අපි ඉන්නෙ ඒකට" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)