උතුරේ ආරක්ෂාව තර වී ඇත. විශේෂයෙන්ම යාපනය ප‍්‍රදේශයේය. විශේෂ කාර්ය බළකා භට පිරිස් යතුරුපැදිවලින් ඒ මේ අත සැරිසරනු දක්නට ලැබේ. ඒ ප‍්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමටයි. එහෙත් කොටි හිතවාදීහු විශේෂයෙන් දෙමළ ඩයස්පෝරාව යාපනයේ ආරක්ෂාව තරවීම සම්බන්ධයෙන් කලබල වී සිටිති. කොටි හිතවාදීහු කොතරම් කලබල වුවත් මොන දේ ප‍්‍රකාශ කළත් යාපනයේ ආරක්ෂාව අඩු කළ යුතු නැත. ඒ මන්ද යත් යාපනය අරාජික වුවහොත් එය රට ම අරාජික වීම හා සමානය.
දෙමළ ඩයස්පෝරාවේ ප‍්‍රධාන අරමුණ වනුයේ පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයන් යළි ත‍්‍රස්තවාදයට තල්ලූ කර දැමීමයි. එලෙස තල්ලූ කර යළි උතුර අස්ථාවර කළහොත් දෙමළ ඩයස්පෝරාවට වැඩි වැඩියෙන් මුදල් එකතු කර ගත හැකිය. ඒ නිසා දෙමළ ඩයස්පෝරාව උතුර අස්ථාවර කිරීම සඳහා නොයෙක් උපක‍්‍රම යොදති. එහි එක් පැතිකඩක් වනුයේ විවිධ පාතාල කල්ලි කි‍්‍රයාත්මක කරවීමයි.
එල්. ටී. ටී. ඊ. සංවිධානය සහමුලින්ම මර්දනය කිරීමෙන් පසුව යාපනය ප‍්‍රදේශය තුළ කුඩා පාතාල කල්ලි බිහිවීමට පටන් ගත්තේය. අමු අමුවේ මේ පාතාල කල්ලිවලට සහයෝගය දැක්වූවේ එල්. ටී. ටී. ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාව විසින්ය.
යාපනය ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක වූ ‘ආවා’ නමැති පාතාල කල්ලියක් 2009 වර්ෂයේ එක් දිනක් තුළ මෙරට ජනපි‍්‍රය විය. එම කල්ලිය විසින් සිදු කළ බිහිසුණු අපරාධයක් නිසාය. පසුව ආරක්ෂක අංශ සිදු කළ පරීක්ෂණවලදී හෙළි වූයේ ‘ආවා’ නමැති පාතාල කල්ලිය කලක සිට ඉතා රහසිගත ආකාරයෙන් යාපනය ප‍්‍රදේශයේ අපරාධ රැසක් සිදු කර ඇති බවයි. ඒ අතර දෙමළ ඩයස්පෝරාව එම ‘ආවා’ නමැති පාතාල කල්ලිය පිළිබඳව එල්. ටී. ටී. ඊ. සංවිධානය බිඳ වැටීමෙන් පසු සැඟව සිටින ත‍්‍රස්තවාදීන් විනාශ කර දැමීමට මෙරට ආරක්ෂක අංශ ප‍්‍රධානීන් විසින් සංවිධානය කරන ලද කල්ලියක් බවට ද චෝදනා එල්ල කළහ.
එයට අමතරව යාපනයේ තාමත් අනාරක්ෂිත තත්ත්වයක් තිබෙන බවට ඒත්තු ගැන්වීමෙන් සාමාන්‍ය ජනතාව තුළ කිසියම් භීතියක් ඇති කරලීමේ යටි අරමුණුවලින් මෙම පාතාල කල්ලිය පෝෂණය කළ බවට ද බරපතළ අන්දමේ චෝදනා එවකට ආරක්ෂක අංශවල ඇතැම් උසස් නිලධාරීහු වෙත එල්ල කළහ. මේ සියල්ල පිටුපස සිටියේ දෙමළ ඩයස්පෝරාවයි. වැඩි කල් නොගොස් එම චෝදනා සියල්ලම අසත්‍ය චෝදනා බව මෙරට ජනතාව සහ ජාත්‍යන්තරය දැන ගත්හ.
වැඩි කලක් ‘ආවා’ පාතාල කල්ලියට රිසි දේවල් කරගෙන යෑමට මෙරට ආරක්ෂක නිලධාරීහු ඉඩ නොදුන්හ. මෙම කල්ලියේ එකින් එකා එම නිලධාරීහු අත්අඩංගුවට ගත්හ. එහිදී අනාවරණය වූයේ මෙම පාතාල කල්ලිවල සියලූම සාමාජිකයන් අවුරුදු 17 ත් 25 ත් අතර පසු වන ළාබාල තරුණයන් බවයි. මොවුන්ගේ බොහෝ දෙනකු අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූවන්ය.
කලක් ‘ආවා’ පාතාල කල්ලිය දෙකට කැඞී ‘ධනුරොක්ස් ගෲප්’ නමින් තවත් පාතාල කල්ලියක් බිහි විය. එයින් ටික කලකට පසු ‘සීෆෝ ගෲප්’ නමින් තවත් පාතාල කල්ලියක් බිහි විය. එතැනින් නොනැවතුණු එම පාතාල මැරයන් මාස ගණනක් යද්දි තවත් පාතාල කල්ලි හයක් සාදා ගෙන තිබිණි. මෙහි සියලූම සාමාජිකයන් ඉතා ලාබාල තරුණයන් වූහ.
යාපනය අර්ධද්වීපය පුරා බිහි වී ඇති මේ කුඩා පාතාල කල්ලි බිහි වීමට අඩිතාලම වැටෙන්නේ පාසල් අවධියේ සිටයි. පාසල්වල චණ්ඩින්ගෙන් සමන්විත කල්ලි බිහිව තිබෙයි. පාසල් හැර යෑමෙන් පසු මේ චණ්ඩින්ගෙන් සමන්විත කණ්ඩායම් පාතාල කල්ලි බවට පරිවර්තනය වෙයි.
තවද මෙම පාතාල කණ්ඩායම්වල මැරයන් සිදු කරනුයේ මිනිසුන්ව කපා කොටා දැමීමයි. මොවුන් ළඟ නිතරම කඩු, කිණිසි සහ මන්න, පිහිය ආදිය තිබේ. එලෙස ඔවුන් හැසිරෙන්නේ දකුණු ඉන්දියාවේ ඇති කසිකබල් චිත‍්‍රපට නැරඹීමෙන්ය. එම චිත‍්‍රපටවල බොහෝදුරට ඇත්තේ කපා කොටා ගැනීම්ය. එම නිසා මෙම තරුණයන් ද ඒවා අනුකරණය කරමින් සමාජයට පිළිලයක් සේ හැසිරෙයි.
තවද මෙම පාතාල කල්ලිවල මැරයන් පාවිච්චි කළේ අමුතුම ආකාරයේ යතුරුපැදියි. ඒ යතුරුපැදිවලට සරිලන හෝන් එකක් සහ විදුලි පහන් ද ඔවුන් සවිකරගෙන තිබිණි. එම මැරයන් එදා පාරට බැස්සේ කඩු පොලූවලින් සන්නද්ධව ඉහත සඳහන් කළ ආකාරයේ යතුරුපැදිවලින්ය. එම යතුරුපැදිවල හෙඞ් ලයිට් දල්වාගෙන නගරය දෙවනත් වන සේ හෝන් ගසමින් මොවුහු යාපනය නගරය පුරා සැරිසැරූහ.
යාපනයේ හෝටල්වලින් නොමිලේ ආහාර ගැනීමටත් මත්පැන් හල්වලින් නොමිලේ මත්පැන් ලබා ගැනීමටත් මෙම පාතාල මැරයෝ කටයුතු කළහ. මේ කි‍්‍රයාවන්වලට විරුද්ධ වූවන්ට කඩු පොලූවලින් සංග‍්‍රහ කිරීමට ද මෙම මැරයෝ අමතක නොකළහ.
තමන් සිත් ගත් තරුණිය හොඳින් හෝ නරකින් ලබා ගැනීමට ද ‘ආවා’, ‘ධනුරෝක්ෂ් ගෲප්’ ආදී පාතාල කල්ලි සාමාජිකයෝ කි‍්‍රයා කළහ.
මෙම පාතාල සාමාජිකයන්ගේ වීරයා වී සිටියේ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ය. මොවුන්ගේ ජංගම දුරකථනවල මුහුණත තිබුණේ ප‍්‍රභාකරන්ගේ පින්තූරයකි. මොවුහු ඒ තරමටම ප‍්‍රභාකරන්ට ගරු කළහ. එහෙත් යාපනය ප‍්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට මෙම මැරයින් වහකදුරු මෙන් විය. සමහර මෙම පාතාල මැරයෝ පොලිස් නිලධාරීන්ට පහර දුන්හ. අභියෝග කළහ.
දෙමළ ඩයස්පෝරාවට එදා අවශ්‍යව තිබුණේ මෙම පාතාල මැරයන් හරහා යාපනය ප‍්‍රදේශයේ යළි භීතියක් පැතිර වීමටයි. ඒ සඳහා අවශ්‍ය සියලූම පහසුකම් ඩයස්පෝරාව විසින් එම මැරයින්ට ලබා දුන්නේය. එහෙත් මෙරට ආරක්ෂක අංශ එම මැරයින්ට එරෙහිව දැඩි කි‍්‍රයා පිළිවෙතක් අනුගමනය කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ මෙම පාතාල කල්ලිවල සාමාජිකයන් බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීමයි.
‘ආවා’, ‘ධනුරෝක්ස් ගෲප්’ ආදී පාතාල කල්ලි මුල් කාලයේ යාපනය ප‍්‍රදේශයේ යම් භීෂණයක් පවත්වාගෙන ගිය ද ආරක්ෂක අංශ විසින් පසු කාලයේදී එම තත්ත්වය නැත්තටම නැති කර දැමූහ.
වර්තමාන වනවිට පාතාලය මැඬලීම සඳහා මෙරට ආරක්ෂක අංශ විශාල වැඩපිළිවෙළක් දියත් කරමින් සිටිති. ඒ අනුව මෙරට නමගිය පාතාල මැරයන් බොහොමයක් අත්අඩංගුවට පත්වූහ. තවත් සමහරු ආරක්ෂක අංශ නිලධාරීන් ඝාතන කිරීමට ගොස් මැරුම් කෑහ. තවත් සමහරු සැඟවී සිටිති.
තත්ත්වය මෙසේ තිබියදී යාපනයේ ‘ධනුරොක්ස් ගෲප්’ පාතාල කල්ලිය පිළිබඳව යළි මාධ්‍ය තුළ කතාබහ කිරීමට පටන් ගත්හ. ඒ පසුගිය 19 වැනි දින ඔවුන් විශේෂ කාර්ය පොලිස් බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් සමගය. එම සිද්ධිය සැකෙවින් මෙසේය.
දැනට වසර කිහිපයකට පෙර ‘ආවා’ කල්ලියෙන් වෙන්වුණ ‘ධනුරෝක්ස් ගෲප්’ පාතාල කල්ලියේ නායකයා වූයේ තවරාසා ධනුෂන් නමැති පුද්ගලයෙකි. මොහු පුද්ගලයන් කපා කොටා මරණීය තුවාල සිදු කිරීම, කප්පම් ගැනීම, මිනිසුන් බිය වැද්දීම සහ දේපළවලට අලාභ හානි සිදු කිරීම ආදී අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකි.
යාපනය විශේෂ පොලිස් බළකායට පසුගිය දිනක තොරතුරක් ලැබිණි. ඒ ‘ධනුරොක්ස් ගෲප්’ නමැති පාතාල කල්ලියේ සාමාජිකයන් කිසියම් දරුණු ගණයේ අපරාධයකට සූදානමින් සිටින බවයි. ඒ අනුව එම නිලධාරීහු මෙම පාතාල සාමාජිකයන් පිළිබඳව විමසිල්ලෙන් සිටියහ.
දිනය පසුගිය 19 වැනිදාය. මෙම පිරිස කිසියම් අපරාධයක් සිදු කිරීමට යන බව එම නිලධාරීහු අනාවරණය කර ගත්හ. ඒ අනුව එම කල්ලිය රැස්වී සිටි යාපනය මනිපායි ප‍්‍රදේශයට ගොස් එම නිලධාරීහු මෙම මැර කල්ලියේ නායකයා ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර යාපනය ප‍්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුන් සිවු දෙනකු ද සිටින බව විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු සඳහන් කළහ.
මෙම ලිපිය ලියන මොහොත වනවිටත් අත්අඩංගුවට ගත් එම පාතාල මැරයන්ගේ අවි ආයුධ සොයා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් එම ආරක්ෂක අංශ නිලධාරීහු දියත් කර තිබුණහ. එයට අමතරව සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යෑම සඳහා යාපනය පොලිසියට භාරදී තිබිණි.
තව ද උතුරේ මෙම පාතාල කල්ලි සමග දකුණේ පාතාල කල්ලි අතර ද ඉතා කිට්ටු සම්බන්ධතාවක් ඇති බවට අනාවරණය කරගෙන තිබේ. දකුණේ පාතාල සාමාජිකයන් සොරකම් කරන රථ වාහන, අවි ආයුධ ආදිය උතුරේ මෙම පාතාල මැරයින්ට ඉතා විශාල මුදලකට විකුණන බව සොයා ගෙන තිබේ. එයට අමතරව උතුර සහ දකුණු පාතාල මැරයන් අතර නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් ද සිදුවෙන බවට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
දැන්වත් මෙම අපතයින්ට වගකීමෙන් කිවයුත්තේ සියලූම සෙල්ලම් කළ හැක්කේ තව සුළු කාලයක් පමණ බවයි. ඒ මන්ද යත් ආරක්ෂක අංශ ජනතාවට පිළිලයක් වූ පාතාලය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීමේ මෙහෙයුම පටන් ගෙන ඇති බැවින්ය. එම නිසා උතුරු දකුණු පාතාල අපතයින් තව නුදුරු දිනයකදී නිසැකව ම ඔබගේ දෑතට මාංචු වැටෙනු ඇත.
(Lanka Leads)