Thursday, November 13, 2025
Follow Us
ලියාපදිංචි කළ වාහනවල මිලත් වේගයෙන් ඉහළට

මෙරටට ආනයනය කර ඇති රථවාහනවලින් සියයට 90 ක් පමණ මේ වනවිට අළෙවි වී අවසන් බව ලංකා වාහන ආනයනකරුවක්ගේ සංගමය පවසනවා.

ඒ, ගත වූ මාස 06 තුළ මෙරටට වාහන ආනයනය කිරීම රජය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන්.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ සඳහන් කරන්නේ පවතින වාහනවලට ඉල්ලුම වැඩිවීම නිසා මිල ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් රට තුළ තිබෙන ලියාපදිංචි කළ වාහනවල මිළ ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)