Thursday, November 13, 2025
Follow Us
ජනපති හදිසියේ නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයට එයි : සේවාවන් නිසි ලෙස පරිදි නොවන බවට පැමිණිල්ලක්

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්වුණා. සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා අද (23) පස්වරුවේ කාර්යාලය වෙත පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රාජකාරි අවශ්‍යතාවයක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති බවත් කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බව එම පැමිණිලිකාරිය විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලය අධීක්ෂණය කළ ජනාධිපතිතුමාට එහි ප්‍රමාණවත් සේවක පිරිසක් එහි සිටින බව නිරීක්ෂණය විය.

සේවා ලබා ගැනීමට පැමිණි අබාධිත පුද්ගලයෙකු දැඩි අපහසුතාවට පත්වී සිටි අයුරු දුටු ජනාධිපතිතුමා ඔහුගේ අවශ්‍යතාව සහ තොරතුරු විමසා සිටියා. මහජන අවශ්‍යතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටු කිරීම රාජ්යය සේවකයන්ගේ මූලික වගකීම බව කාර්ය මණ්ඩලය හමු වූ ජනාධිපතිතුමා අවධාරණය කළේ.

(Neth)