මහනුවර මහ නගර සභා බල සීමාවේ අනවසර හා අවදානම් සහගත ඉදිකිරීම් 256ක් සඳහා නීතිමය පියවර ගැනීමට විවිධ දුෂ්කරතා උද්ගතව ඇතැයි මහනුවර මහා නගර සභා ප්‍රධාන ඉංජිනේරු පාලිත අබේකෝන් පවසයි.
අනවසර මෙන්ම අවධානම් ඉදිකිරීම් ගැන ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා මධ්‍යම ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ කැඳවූ විශේෂ රැස්වීමක් අවස්ථාවේ ඉංජිනේරුවරයා මේ බව හෙළි කළේය.
මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා), පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මහනුවර නගර සභාවේ නාගරික ඉංජිනේරු, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. මෙම සාකච්ඡාවේ දී මහනුවර නගරයේ පවතින අවධානම් මෙන්ම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කරුනු රැසක් හෙළිදරව් විය.
මෙහි දී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේ අනවසර මෙන්ම අවධානම් මට්ටමේ පවතින ගොඩනැගිලි සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පවතින බවයි.
මෙහි දී දැනට ඉදිකරමින් පවතින ගෙඩානැගිලි සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙසත් නගරයේ දැනට අවධානම් මට්ටම් පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර එම ගොඩනැගිලි සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දුන්නේය.
(Aruna)