Tuesday, December 30, 2025
Follow Us
කොළඹ පාසල් නොයන දරුවන් සොයා සංගණනයක්

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් සම්බන්ධයෙන් විශේෂ සංගණනයක් ආරම්භ කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා.

කොළඹ නගරයේ මට්ටක්කුලිය, මෝදර , කොටහේන යන ප්‍රදේශවලින් මේ වන විට අදාළ සංගණන කටයුතු ආරම්භ කර ඇතැයි ද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසා ඇත.

මෙවැනි සංගණනයක් සිදුවන්නේ ප්‍රථම වතාවටයි .එමෙන්ම පසුගිය දා පත්වීම් ලබාදුන් උපාධිදාරීන් 2900ක් මේ සඳහා යොදවා තිබෙන බව පැවසෙනවා.

සිදුකරනු ලබන එම සංගණනයෙන් පසු පාසල් නොයන දරුවන් පිළිබඳව අදාල අංශ වෙත දැනුම්දෙන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරනවා.

(Aruna)