Thursday, November 13, 2025
Follow Us
ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ධීවර කටයුතුවලින් තවදුරටත් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව විසින් ධීවරයින්ට උපදෙස් ලබාදී තිබේ.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බහුදින ධීවර යාත්‍රා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

මේ අතර සබරගමුව සහ බස්නාහිරපළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර, මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලයදිස්ත්‍රික්කයේත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

මේ අතර පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය, දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවිටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)