Thursday, November 13, 2025
Follow Us
සහල් හිඟයක් ගැන පුරෝකථන – සංචිත වෙනුවෙන් රු.මි 2241ක්

දෙසැම්බර් මාසයේ ඇතිවිය හැකි යැයි පුරෝකථනය කර ඇති සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක ආරක්ෂිත සංචිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් මිලියන 2241ක මුදලක් වැය වන බව ගණන් බලා ඇත.

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර ආරක්ෂිත සංචිතයක් පවත්වාගෙන යන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය. මෙම මුදල මාස 4ක කාලයක් සඳහා ණය මුදලක් ලෙස සතොස වෙත ලබාදීමට නියමිතය. ඒ සඳහා වන භාණ්ඩාගාර ඇප ආවරණයක් ලබා ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය මගින් ඇමැති මණ්ඩල සංදේශයක් ඊයේ (21 වැනිදා) යොමුකර තිබුණි. සහල් තොග තත්ත්වය පිළිබඳව වෙළෙඳ ඇමැතිවරයා සහල් මෝල් හිමියන් සමග පසුගිය සිකුරාදා (18 වැනිදා) විශේෂ සාකච්ඡාවක්ද පවත්වන ලදී.

(Aruna)