Friday, July 18, 2025
Follow Us
වයස පැන්න උපාධිධාරීන්ටත් රජයේ රැකියා… ඊපීඑෆ් තිබුණත් ගැටලූවක් නෑ

උපාධිධාරීන් පනස් දහසට අමතරව තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගෙන ඇති තීරණය අනුව වයස අවුරුදු 45 ට වැඩි රැකියා විරහිත උපාධිධාරීන්ට ද අයැදුම් කිරීමේ අවස්ථාව හිමිව ඇතැයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ මොහාන් සමරනායක මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

මීට අමතරව දැනට මෙම රැකියා වැඩපිළිවෙළට අයැදුම් කර අර්ථ සාධක අරමුදල් හිමි රැකියාවල නිරතවීමේ පදනම මත අයැදුම්පත් ප‍්‍රතික්‍ෂේප වී ඇති උපාධිධාරීන්ට ද අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද ඒ මහතා සඳහන් කළේය. මෙම නව උපාධිධාරීන්ට රැකියා හිමිවන්නේ අතිරේක උපාධිධාරීන් දසදහස යටතේ බවත් ඒ සඳහා නිශ්චිත ක‍්‍රමවේදයක් සකස් කරමින් පවතින බවත් මොහාන් සමරනායක මහතා පැවසීය.

(Lanka LEads)