Friday, July 18, 2025
Follow Us
රැකියා විරහිත උපාධිධාරීන්ට යළිත් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව

රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ අභ්‍යාසලාභී පුහුණුව සඳහා කැඳවීම් නොලබන බවට ප‍්‍රකාශයට පත්කර ඇති එහෙත්, අනෙකුත් සුදුසුකම් සපුරා ඇති, ප‍්‍රතික්ෂේපවීමේ හේතුව ලෙස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම ලෙස සඳහන් අයදුම්කරුවන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි පැවසුවේ අදාළ අයදුම්කරුවන් සුදුසුකම් ලබන්නේ නම් පුහුණුවට කැඳවීමටත් අපේක්ෂා කරන බවයි.

ඒ අනුව එම අයදුම්කරුවන්ට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.pubad.gov.lk යන වෙබ් අඩවියේ පළකරන දැන්වීම් අනුව අයදුම් කළ හැකියි.

එළඹෙන සැප්තැම්බර් 15 වන දිනට පෙර තම අභියාචනා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස ද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)