Sunday, March 29, 2026
Follow Us
කොවිඩ්-19 ආසාදනය වූ තවත් 14ක් හදුනාගැනේ

මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඉන්දුනීසියාවේ හා කුවෙට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු එසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඊයේ (21) දිනය තුළ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් ගණන 23කි.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,941 දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)