Sunday, March 29, 2026
Follow Us
සෙනසුරාදා විදුලියට වෙනදේ

සෙනසුරාදා (22) දිනයේ සිට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

හෙට දිනයේ (21) නොරොච්චෝල විදුලි බලාගාරය ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

පසුගිය (17) විදුලිය බිඳවැටීමක් ඇති වුයේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පද්ධතිය යථා තත්වයට පත්කරන තෙක් දිවා කාලයේ පැයකුත් විනාඩි 45ක කාලයක් හා රාත්‍රී කාලයේ පැයක කාලයකුත් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව මණ්ඩලය පවසනවා.

(Aruna)