Sunday, March 29, 2026
Follow Us
ශානි අබේසේකර යළි රිමාන්ඩ් : රට හැර ගිය නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

සාවද්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරික්සක රෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාව සැප්තැම්බර් මස 03වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා අද (20) නියෝග කරනු ලැබුවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා නැමැති අයවද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කල අතර එම සැකකරුව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කෙරුණා.

(Neth)