Sunday, March 29, 2026
Follow Us
ඉරාජ් සහ ටෙහානිට අධ්‍යක්ෂ තනතුරු

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයින් දෙදෙනෙකු පත්කර තිබේ

ඒ අනුව, නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ඉරාජ් වීරරත්න සහ ටෙහානි ඉමාරා පත්කර තිබේ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතියට යටත්ව මෙම පත්වීම සිදුකර ඇත.

වසර 3ක කාලයක් සඳහා අදාළ පත්වීම සිදුකර ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

(Aruna)