ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 30කින් අඩු කර ඇති අතර, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත.
නව මිල සංශෝධනයට අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 340ක් වන අතර, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 490ක් ලෙසත්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 397ක් ලෙසත් පවතී. ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 543ක් වන අතර, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 285ක් ලෙස නොවෙනස්ව පවතී.
මෙම මිල සංශෝධනය දිවයින පුරා ක්‍රියාත්මක වන බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0117-296130 හෝ 0117-296248 යන දුරකථන අංක ඔස්සේ සංස්ථාවේ මාධ්‍ය අංශයෙන් ලබාගත හැකිය.