2025 වර්ෂයේ දී බස්නාහිර පළාත් සභාවට අයත් ප්‍රතිපාදන යටතේ මිල දී ගනු ලැබූ ක්‍රීඩා භාණ්ඩ කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ වෙත බෙදාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පසුගිය දා සිදු කෙරිණි.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බණ්ඩාරගම, බේරුවල, හොරණ, මදුරාවල, මිල්ලනිය, අගලවත්ත, කළුතර, වලල්ලාවිට, පාලින්දනුවර, දොඩන්ගොඩ, පානදුර, ඉංගිරිය, බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ලියාපදිංචි ක්‍රීඩා සමාජ 70 ක් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම මෙහිදී සිදු වූ අතර, එක් ක්‍රීඩා සමාජයකට රුපියල් 50,000 ක් වටිනා ක්රීඩාභාණ්ඩ මෙහි දී ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර මහතා ඇතුළු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඕෂානි උමංගා, සංජීව රණසිංහ, චන්දිම හෙට්ටිආරච්චි, ධනුෂ්ක රංගනාත්, නිලන්ති කොට්ටහච්චි, කළුතකර දිස්ත්‍රික් ලේකම් ජී. එම්. ජනක කේ. ගුණවර්ධන යන මහත්ම මහත්මින් ඇතුළු ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ලේකම්වරු, සභාපතිවරු ඇතුළු ක්‍රීඩකයින් රැසක් එක්ව සිටියහ.