රාගම ශික්ෂණ රෝහලේ (උතුරු කොළඹ ශික්ෂණ රෝහල) කළමනාකරණ කටයුතු සහ සේවාවන් විධිමත් කිරීමත්, කාර්යක්ෂමතාව සහ පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් පවත්වන ලද රෝහල් කළමනාකරණ කමිටු රැස්වීම (Management Committee Meetings) සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විඡේමුණි මහතාගේ සහ විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන, ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ස්ටෙෆනි ප්රනාන්දු යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රාගම ශික්ෂණ රෝහලේ ශ්රවණාගාරයේ දී පවත්වන ලදි.
මෙහි දී 2026 වර්ෂය සඳහා වන වාර්ෂික ක්රියාකාරී සැලැස්මට අනුව, රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනය, රෝගී සත්කාරක සේවා සහ මානව සම්පත් කළමනාකරණය මෙන්ම විශේෂයෙන්ම ඖෂධ, ශල්යකර්ම ද්රව්ය සහ උපකරණ ප්රසම්පාදනය, අපද්රව්ය කළමනාකරණය, 2026 සඳහා සැලසුම් කළ සහ අනුමත කරන ලද ප්රතිසංස්කරණ ව්යාපෘති සහ ක්රියාත්මක ව්යාපෘතිවල ප්රගතිය, 2027 සඳහා සැලසුම් කළ ව්යාපෘති සහ අනෙකුත් තත්ත්ව වැඩිදියුණු කිරීමේ ව්යාපෘති, 2026 නව උපකරණ මිලදී ගැනීම් පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි. එමෙන් ම රෝහලේ පැවැති ගැටලු රැසකට ද මෙහි දී නියෝජ්ය අමාත්යවරයා කඩිනම් විසදුම් ලබාදීමට කටයුතු කරන ලදි.
එමෙන් ම රාගම ශික්ෂණ රෝහලේ රෝගී වාට්ටු, හදිසි ප්රතිකාර ඒකකය (ETU), වෛද්ය රසායනාගාරය, බාහිර රෝගී අංශය, මුළුතැන්ගෙය ඇතුළු අංශ කිහිපයක් ද සිය නිරික්ෂණයට ලක් කරන ලද අතර ප්රධාන ශල්යාගාරය, බාහිර රෝගී අංශය, සායන සංකීර්ණය මුළුතැන්ගෙය ප්රතිසංස්කරණය කිරීම් කටයුතු වල ප්රගතිය ද නියෝජ්ය අමාත්යවරයා විමසා බලන ලදි.
කඩිනමින් විසඳාගත යුතු කරුණු සහ ගැටළු පිළිබඳවද මෙහිදී රෝහල් පාලනාධිකාරිය කරුණු පෙන්වා දෙන ලද අතර, ඒ අනුව ප්රධාන සැලැස්ම සංශෝධනය කිරීම සඳහා ප්රතිපාදන වෙන් කිරීම, මහාචාර්ය ඒකක ගොඩනැගිල්ල නැවත සැලසුම් කිරීම, කාර්ය මණ්ඩල නවාතැන් පහසුකම් සහිත ගිලන් රථ උද්යානයක් ඉදිකිරීම, වෛද්ය නීති ගොඩනැගිල්ලක් ඉදිකිරීම, මලාපවහන පද්ධතිය ප්රතිසංස්කරණය කිරීම, හඳුනාගත් ස්ථාන සඳහා සීසීටීවී ජාලය සවි කිරීම, අපද්රව්ය කළමනාකරණ විකල්ප - දහන යන්ත්රය යන කරුණූ පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් (පාලන) I ජී.එම් ජනක කිත්සිරි ගුණවර්ධන, අතිරේක ලේකම් (පාලන) II චාමික එච් ගමගේ, අතිරේක ලේකම් (ඉංජිනේරු සේවා) සාලින්ද බණ්ඩාර නියෝජ්ය අධ්යක්ෂ, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් (වෛද්ය සේවා) I වෛද්ය එච්.එම්.අර්ජුන තිලකරත්න, රාගම ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්ය ප්රියන්ත තෙන්නකෝන්, විශේෂඥ වෛද්ය, වෛද්ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.