මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද පස්වරුවේ (03) මෙරටට පැමිණීමට නියමිතයි.
2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වීම විශේෂත්වයකි.
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ මෙරට රාජ්‍ය සංචාරය හේතුවෙන් අද (03) සිට ලබන 06 වැනිදා දක්වා කොළඹ නගරයට ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය තිබේ.