Friday, December 26, 2025
Follow Us
සුළු කුණාටුවෙන් මාතලේ බිත්තර දමන කිකිලියන් 11000ක් බ්‍රොයිලර් කුකුලන් 9250ක් එල ගවයින් 77ක් මිය ගිහින්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මාතලේ දිස්ත්රික්කයේ බිත්තර දමන කිකිලියන් එකොළොස් දහසක් ඇතුළු සත්ව හානි රැසක් සිදුව ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්රික් නියෝජ්ය අධ්යක්ෂිකා වෛද්ය ආර්.කේ මීගහවත්ත මහත්මිය පවසයි.
ගව ගොවිපල 45ක එල ගවයින් 77ක්, ගොවිපල 10ක එළුවන් 20ක් , මහපරිමාණ ගොවිපල 2ක්ද සමග කුකුළුගොවිපල 11ක බිත්තර දමන කිකිළියන් 11000ක්, ගොවිපල 9ක බ්රොයිලර් කුකුළන් 9250ක්, ගොවිපල 6ක ගම් කුකුළන් 200ක් ද වශයෙන් සත්ව හානි සිදුව ඇති බව මීගහවත්ත මහත්මිය පැවසුවාය.

 

සත්ත්ව හානි වශයෙන් බ්රොයිලර් කුකුලන් වෙනුවෙන් රු 250ක්ද, බිත්තර දමන කිකිලියන් සදහා රු. 500ක් ද බැගින්ද උපරිම ලක්ෂ 10 දක්වා වන්දි ලබාදීමට කටයුතු කරන බවද නියෝජ්ය අධ්යක්ෂිකා වෛද්ය ආර්.කේ මීගහවත්ත මහත්මිය පෙන්වා දුන්නාය.
පසුගියදා පැවැති මාතලේ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වෙමින් වෛද්ය මීගහවත්ත මහත්මිය මෙම තොරතුරු අනාවරණය කළාය.