නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමාජ සංවර්ධන වැඩසටහන් යටතේ නව ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ අරමුණින් සහන පොලී අනුපාතිකයන් යටතේ ස්වයං රැකියා ණය ලබා දීමේ " මූල්‍ය ණය සහන ප්‍රදානය " වැඩසටහන අද දින සිදු කෙරුණි.
විවිධ ක්ෂේත්‍රයන් යටතේ ස්වයං රැකියා ආරම්භ කිරීමේ අරමුණු ඇති සහ පවත්වාගෙන යන රැකියා තව දුරටටත් ප්‍රවර්ධනය කරලීමේ අරමුණු ඇති තෝරාගත් ප්‍රතිලාභීන් 86 දෙනෙකු සඳහා මෙදින මෙම ණය පහසුකම් ලබා දීම සිදු විය.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහහාගී වූ අතර ඔහු ප්‍රකාශ කළේ නාගරික ජනාවාස තුළ ජීවත් වන ජනතාව ආර්ථිකව සමාජීයව සහ සංස්කෘතිකව ශක්තිමත් කරලීම උදෙසා 80% ක වැඩි නැඹුරුවකින් නව වැඩසටහන් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බවයි.