Wednesday, December 24, 2025
Follow Us
සෞදි අරා­බි­යට සියල්ල විමතියට පත් කරමින් හිමපතනයක්

වසර 30කට පසු පළ­මු­ව­රට සෞදි අරා­බියේ හිම­ප­ත­න­න­යක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට බොහෝ ප්‍රදේශ හිමෙන් වැසී ගොස් ඇතැයිද, කාන්තා­ර­වල අයිස් සහිත භූ දර්ශන නිර්මා­ණය වී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. එම දුර්ලභ දර්ශ­නය සෞදි වැසි­යන් විම­ති­යට පත් කර ඇති බවත්, හිමෙන් වැසුණු කාන්තාර දැක බලා ගැනී­මට සහ එහි අසි­රිය විඳ­ගැ­නී­මට එරට අති­වි­ශාල පිරි­සක් විවිධ ප්‍රදේ­ශ­වල සංචා­රය කර­මින් සිටින බවත් ගල්ෆ් ටුඩේ පුවත් සේවය වාර්තා කර තිබේ.

සෞදි අරා­බියේ උතු­රින් පිහිටි ජබාල් අල් ලෝස් සහ ට්‍රෝජෙනා පළා­ත්වල උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 4 දක්වා පහත වැටී ඇති අතර, එම ඓති­හා­සික දර්ශන සහිත වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලයේ වේග­යෙන් සංස­ර­ණය වී ඇතැයි ද ගල්ෆ් ටුඩේ පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.