ඉඩම් හිමිකම් බලපත්ර හා ඔප්පු ලබා දීමේ “හිමිකම “ ජාතික වැඩසටහන අගෝස්තු මස 13 වනදා පෙරවරු 9.00 ට කිලිනොච්චි දිස්ත්රික්කයේ පලෙයි ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලෙයි මධ්ය මහා විද්යාල ශාලාවේදී කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්ය අමාත්ය සුසිල් රණසිංහ මහතා පවසයි.
නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (11) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය සාකච්ඡාවේදීය.
“මේ අවුරුද්දේදී ඉඩම් සඳහා හිමිකම බලපත්ර හා ඔප්පු 50000 ක් ලබා දීම සඳහා බලාපොරොත්තු වන බවත් ඉදිරි වසරවලදී කඩිනමින් තමන් පදිංචි ඉඩමට තමන් වගා කරපු ඉඩමට ව්යාපාර පවත්වා ගෙන යන ඉඩමට හා ආයෝජන පවත්වා ගෙන යන ඉඩමට හිමිකම ලබා දීමේ වැඩසටහන ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.